පසුගිය දශක දෙක තුල ශ්‍රීලාංකීකයන් වැඩිම පිරිසක් ජපානයට යාමට වරම් ලැබුවේ උසස් අධ්‍යාපනය ලැබීමේ පදනම මතය. පසුගිය වසර 15 පුරාවට ශ්‍රී ලංකික සිසු සිසුවියන් 1500කට අධික ප්‍රමාණයට ජපානයේ උසස් අධ්‍යාපනයට මග පෙන්වූ සේකොදෝ ආයතනය ජපානයේ විවිධ ප්‍රදේශවල ජපන් භාෂා පාසල් 25කට වඩා ප්‍රමාණයක ශ්‍රී ලංකාවේ නියෝජිතත්වය හිමි ලංකාවේ විශාලතම ජපන් භාෂා පාසල් ජාලය වේ.
"ජපානයේ අභියෝග ජය ගැනීම සදහා දැනුමෙන්, හැකියාවෙන්, කුසලතාවලින් හා විනයෙන් සිසු සිසුවියන් සන්නද්ධ කිරීම"
ශ්‍රී ලංකාවේදී මූලික ජපන් භාෂා දැනුම ලබාදී ජපානයේ භාෂා පාසලකට යොමු කිරීම පමණක් අපගේ ව්‍යාපාරික වගකීම වුවද අප සිසුසිසුවියන් ජපානයට ගිය පසුද ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය උපදෙස් නොවඩුව ලබා දේ.
1991 අප්‍රියෙල් මාසයේ මා මුලින්ම ජපානය ට ගොඩබසින විට දැන සිටියේ Sayonara යන ජපන් වචනය පමණි .එතැන් පටන් අද මෙන් අධ්‍යාපන පහසුකම් නොමැති වාතාවරණයක වචනයෙන් වචනය අකුරෙන් අකුර දැනුමට එක් කරගනිමින් ජපන් භාෂා ප්‍රවණතා විභාග සම්පුර්ණ කිරීමට (JLPT N1/N2) මට ගත වුයේ ඉතාමත් කෙටි කාලයකි .ජපානයේ වසර ගණනාවක් විවිධ රැකියාවල නියත වෙමින් ලබා ගත් අත්දැකීම් බොහෝය .එම අත් දැකීම් සහ මා රැස් කල දැනුම අපගේ සිසුසිසුවියන් හා බෙදා හදා ගනිමින් ඔවුන්ගේ අභියෝග අවම කර දීමත් නිවැරදි ජය මාවතේ මග පෙන්වීමත් මගේ අරමුණ වේ .
Sign up and join with our classes